06. විකාලභෝජනා වෙරමණී සික්ඛාපදං සමාදියාමි”
තේරුම:-
• විකාලයෙහි (නො කල්හි) ආහාර වැළඳීමෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.
විස්තරය:-
• අරුණෝදයේ පටන් ඉර මුදුනට පැමිණීම දක්වා කාලය බුද්ධාදීන් විසින් අහර වළඳන කාලය ය. ඉර මුදුනට පැමිණීම පටන් පසුදින අරුණෝදය තෙක් කාලය බුද්ධාදීන් විසින් අහර නො වළඳනා කාලය ය. එය විකාල නම් වේ. විකාල යන වචනයේ තේරුම නුසුදුසු කාලය යනු යි. ඉර මුදුන්වන වේලාව සාමාන්‍යයෙන් දවල් 12 ලෙස සලකනු ලැබේ. එබැවින් සිල් සමාදන් වූවන් විසින් දවල් 12 ට කලින් ආහාර ගැනීම අවසන් කළ යුතු ය.
අතිපූජ්‍ය රේරුකානෙ චන්දවිමල නාහිමිපාණන් වහන්සේගේ "පොහොය දිනය" ග්‍රන්ථයෙන් උපුටාගැනීමකි.
මූලාශ්‍ර :- https://pitaka.lk/books/pohoya-dinaya/

Comments
Post a Comment